Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා බාර ගැනීම ඇරඹේ

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වේ. අද සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (17) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ. මෙතෙක් ඒ සඳහා අයදුම් නොකළ සුදුසුකම් ලත් අයදුම්කරුවන්, සිය තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී තම ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනැවිත් භාරදෙන ලෙසයි මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.

අදින් ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග කටයුතු සඳහා බාධාවක් නොවන ආකාරයෙන් නාමයෝජනා භාරදීමේ කටයුතු සිදුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

Related posts

நயன்தாராவை முந்திய காஜல்

Mohamed Dilsad

Motorcycles banned on Dehiwala flyover

Mohamed Dilsad

Kim Jong-un praises Donald Trump’s ‘unusual determination’ to meet him

Mohamed Dilsad

Leave a Comment