Trending Newsඑසැන පුවත්දේශීය

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 474,147 ක්.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවය.

විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දැනුම්දෙයි. මේ අතර, විභාගයේ දී සිදුවන අක්‍රමිකතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

Related posts

ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස්වලට ඉන්ධන දීම ඇරඹෙයි

Mohamed Dilsad

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

ඇදිරි නීතිය කඩ කරමින් රාති‍්‍රයේ සැරිසන පිරිස් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ කටයුතු අරඹයි

Mohamed Dilsad

Leave a Comment