Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති අනුරගේ මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් වන්දි ඉල්ලයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත මහතාගෙන් රුපියල් මිලියන 600ක වන්දියක් ඉල්ලමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ මහතා එන්තර වාසියක් යවා තිබේ.

ඒ ජනාධිපති මාධ්‍ය අංශයේ දේපළ අවභාවිත කරමින්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී ප්‍රකාශවූ කරුණු විකෘති කරමින්, මනෝජ් ගමගේ මහතා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ෆෙෆ්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කර ඇති බව පවසමිනි. නීතිඥ ඩී.එම්.එම්.එම්.විජයරත්න මහතා හරහා මෙම එන්තරවාසිය යොමුකර තිබේ.

එසේම එම පෝස්ටුවවල සඳහන් පරිදි මනෝජ් ගමගේ මහතා බාල බෙහෙත් ගෙන්වූ අධ්‍යක්ෂක මණ්ඩලයේ (ඖෂධ නියාමන අධිකාරියේ) සිටිමින් නිලධාරීන්ට බලපෑම් කළ බවට කිසිදු කරුණක් අනාවරණයේ වී නොතිබියදී, ඔහු එලෙස කළ බවට ජනතාව අතර අසත්‍ය ප්‍රකාශයක් දියත් කරමින්, සිය සේවාදායක කෙරෙහි රටේ පොදු මහජනතාව තුළ බරපතල ද්වේශයක් අප්‍රසාදයක් හා/හෝ අපකීර්තියක් චේතනාන්විතව ඇති කිරීමට ද්වේශ සහගතව උත්සාහ ගෙන ඇති බවද අදාළ එන්තරවාසිය මගින් පෙන්වා දී ඇත.

Related posts

No decision made on fuel price revision for March

Mohamed Dilsad

නිවසක් කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

தரம் ஒன்றிற்கு பிரவேசிக்கும் மாணவர்களை முறையாக வகுப்புகளுக்கு உள் வாங்கும் தேசிய நிகழ்வு

Mohamed Dilsad

Leave a Comment