Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් විදේශගතවෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ, නවදිල්ලි නුවර, භරත මණ්ඩපයේදී සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් හෙට (28) දින දේශනයක් සිදු කිරීම සඳහායි.

ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාෆර් සහ ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් ද එක්වන බව සඳහන්. විවිධ දේශන සිදු කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරන තෙවන අවස්ථාව මෙය වනවා. රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු මස දෙවැනිදා යළිත් මෙරටට පැමිණීමට නියමිතයි.

Related posts

சியோல் நகரை சென்றடைந்த ஜனாதிபதிக்கு கிடைத்த வரவேற்பு

Mohamed Dilsad

එමිරේට්ස් ගුවන් සේවය මගී ගුවන් කටයුතු නවත්වයි

Mohamed Dilsad

රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර ට ඇප

Editor O

Leave a Comment