Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය ඇමති හේවගේ කළ ප්‍රකාශය සුදුසු නැහැ – අගමැති හරිනි අමරසූරිය

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, එදින සිදු වූ දේ සිදු නොවුණානම් හොඳ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද කීවාය. “ඒක සුදුසු නෑ. මම හිටියේ නෑ ඒ අවස්ථාවේ. නමුත් ඒ අවස්ථාවේදීම නලින්ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න මැදිහත් වුණා”.
 
“අපේ ආණ්ඩුව අපේ පැත්තෙන් වරදක් වුණත් ඒක වෙනස් කරන්න අපි මැදිහත්වෙනවා. එවැනි දේවල් අපි අනුමත කරන්නේ නෑ. නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්”. “අපේ කෙනෙක් කියලා වැරදි දේ හරියි කියන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඊයේ සිද්ධ වෙච්ච දේ එහෙම නොවුණානම් හොඳයි”. 

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ 22 වෙනිදා පාර්ලිමේන්තුවේදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කර ඇගේ නම වෙනස් කර ඇති බවට පුවත්පත් දැන්වීමක් පළකර ඇති බව සඳහන් කරමින් ප්‍රකාශයක් සිදු කළේය.

Related posts

බීමතින් කැලණි ගඟේ නෑමට ගිය තරුණයා අතුරුදන්

Mohamed Dilsad

சிறுபான்மையினருக்கு ஜனாதிபதி தேர்தல் ஒரு பலப்பரீட்சை – வாக்குகளை சரியாக பயன்படுத்துங்கள் – அமைச்சர் றிஷாட்

Mohamed Dilsad

ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 77 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment