Trending Newsඑසැන පුවත්දේශීය

විත්ති කූඩුවේදී වෙඩි වැඳුන ගණේමුල්ලේ සංජීව (ඡායාරූප)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවි භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ගණේමුල්ල සංජීව නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

ඔහුව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබුණ අවස්ථාවේදීයි, මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි, පොලීසිය පැවසුවේ.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.

Related posts

சாதாரண தரப் பரீட்சையின் பெறுபேறுகள் எதிர்வரும் வாரம் வெளியிடப்படும்

Mohamed Dilsad

යුද හමුදා වෑන්රථයක් අනතුරක

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment