Trending Newsඑසැන පුවත්දේශීය

සියවසේ මහා වංචාවක් ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් හෙළිදරව්වක්

මේ සියවසේ ගණනය කළ නොහැකි වංචාව කන්ටේනර් නිදහස් කිරීමේ වංචාව යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කාරියවසම් මහතා මෙසේ ද කීවේය. “මේ සියවස තුළ ලංකාවේ ගණනය කළ නොහැකි ලොකුම වංචනිකම ක්‍රියාව මාලිමා ආණ්ඩුව යටතේ සිදුවුණා. කන්ටේනර් තොගයක් කිසිම පරීක්ෂාවකින් තොරව වරායෙන් එළියට ගෙනයන්න ඉඩහැරියා. මේ කන්ටේනර්වල තිබුණු දේ අනුව ඒ වංචාවේ ප්‍රමාණය ගණන් කළ නොහැකි තරමේ ඉහළ වංචාවක් වෙන්න පුළුවන්.

ඒ වගේම අපි දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රි ඩි.වී.චානක මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරනවා , ජලය පිරිපහදු සඳහා ගෙන්වන හුණුගල් සම්බන්ධයෙන්, පිළිකාකාරක ජලපිරිපහාදු මූල ද්‍රව්‍යන් ලංකාවට ගෙන්වලා තිබෙනවා කියන කාරණය. මේ පිළිකාකාරක ද්‍රව්‍ය කෙසේද පරීක්ෂණයකින් තොරව එළියට ගියේ.

මේ එළියට යෑමත් කන්ටේනර් නිදහස් කිරීමත් අතර සම්බන්ධයක් තිබෙනවාද? මේ කන්ටේනර් පිටුපස සිටින ඒ ව්‍යාපාරිකයෝ කවුද? මේ ව්‍යාපාරිකායෝ පිටුපස සිටින දේශපාලඥයෝ කවුද කියන කාරණය මේ රටට හෙළිදරව් කිරීමේ වගකීමක් මේ රජයට තිබෙනවා.

අද වනතුරු මේ රටට ඒ කන්ටේනර් තොගයේ හිමිකරුවන් සම්බන්ධයෙක් කිසිදු තොරතුරක් දෙන්න රජය අසමත්වෙලා තිබෙනවා. මෙය හිතාමතා හැංගීමක් සිදුකරනවාද කියන කාරණය අපිට තිබෙනවා. ඒ නිසා රජයෙන් සහ ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා රටට හෙළිකරන්න කවුද මේ මහා දැවැන්ත වංචාව පිටුපස සිටින්නේ කියලා”

Related posts

CIA Head to brief Congress on Khashoggi

Mohamed Dilsad

Three students remanded for inciting racial hatred via social media

Mohamed Dilsad

සත්ව ආහාර සඳහා වී භාවිත කරන අයට එරෙහිව වැටලීම්

Mohamed Dilsad

Leave a Comment