දේශීය

සත්ව ආහාර සඳහා වී භාවිත කරන අයට එරෙහිව වැටලීම්

(UTV | කොළඹ ) – සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ වී භාවිත කිරීම තහනම් කිරීමට තීරණය කළේ ඉදිරියේදී සහල් හිගයක් ඇතිවීමේ අවදානම වැළැක්වීමේ අරමුණින් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බඩඉරිගු ආනයනය තහනම් කිරීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමග සහල් සහ වී වැඩි වශයෙන් සත්ව ආහාර නිෂ්පාදන සඳහා භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බව
එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක කියා සිටියි.

මේ අනුව සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ වී භාවිත කරන තැනැත්තන්ට එරෙහිව නීතිමය පිවර ගැනීම සඳහා අද සිට දිවයිනපුරා වැටලීම් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.

ඊයේ (23) දිනයේදී සත්ව ආහාර නිෂ්පාදන සඳහා සහල් හෝ වී භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය බලාත්මකයි.

Related posts

වර්ජනයට සහාය දීම ගැන වෛද්‍යවරුන්ගේ තීරණය අද

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්ට මිලේච්ඡයන්ට මහමොලකරුවන්ට නීතිය හමුවේ දියහැකි උපරිම දඬුවම දෙනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අධියර ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment