දේශීය

කොරෝනා අතරේ ඩෙංගු රෝගීන්ගේත් ඉහළ යෑමක්

(UTV | කොළඹ) – පවතින වර්ෂා සහිත තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය පවසයි.

 ඒ අනුව මෙම ප්‍රදේශයන්හි මෙම වර්ෂයේ ප්‍රථම කාර්තුවට වඩා දෙවන කාර්තුව තුළ කීට විදින දර්ශකයන්හි විශාල වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත.

කොළඹ මහා නගරසභා සීමාව තුළ ආයතනයන්හි 50% කට වැඩි ප්‍රතිශතයක ඩෙංගු මර්දන කීටයන් හදුනාගෙන තිබේ.

මෙම ප්‍රදේශයන්හි දැනට බලපවත්වන වර්ෂා සහිත කාලගුණ තත්ත්වයන්ද මෙම අවදානම තවදුරටත් ඉහළ යෑමට හේතුවී ඇත.

කොළඹ මහා නගරසභාව, කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල සහ රත්නපුර වැඩි අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් හදුනාගෙන ඇත.

මෙම අවදානම් තත්ත්වයන් වසංගත තත්ත්වයන් දක්වා වර්ධනය වීම වැළැක්වීම සදහා අදාළ දිස්ත්‍රික්කයන්හි වැඩි අවදානම් ප්‍රදේශ ඉලක්ක කොට 23.07.2020 සිට 29.07.2020 දක්වා විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වේ. ත්‍රිවිධ හමුදාව සහ පොලීසියද සහභාගී වන මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වේ.

Related posts

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

Mohamed Dilsad

තවත් පත්කිරීමක් ගැන ඉඟියක්

Mohamed Dilsad

ඉදිරිපත් කළ විරෝධතා තුනම ප්‍රතික්ෂේපයි : නාම යෝජනා දුන් 39 ම ජනාධිපතිවරණයට

Editor O

Leave a Comment