Trending Newsඑසැන පුවත්දේශීය

”ඊ-8” වීසා රැකියා ජාවාරම ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු ඊ8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඊ8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබාදී නොමැති බවයි කාර්යාංශය පවසන්නේ.

ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුදගලයෙකු නිරත වීම සපුරා නීති විරෝධී වෙනවා.

එවන් කටයුතු වලට හසුවී හෝ අනුබලදෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්

Related posts

சுதந்திரக் கிண்ண சுற்றுத்தொடர் – நிகழ்ந்த சம்பவங்கள் குறித்து கவலை தெரிவிக்கும் பங்களாதேஷ்

Mohamed Dilsad

Lanka IOC increases fuel prices

Mohamed Dilsad

Researchers see possible North Korea link to global cyber attack

Mohamed Dilsad

Leave a Comment