Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීන – පාකිස්ථාන සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයක්

චීන – පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින් සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින පාකිස්ථාන ජනාධිපති අසීෆ් අල් සදාරි මහතා සමග බෙයිජිං හි පැවති සාකච්ඡාවකදීයි. චීනය සහ පාකිස්ථානය යදම් වැලක් සේ නොබි‍ඳෙන මිතුරන් මෙන්ම පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් ද වන බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියා.

පාකිස්ථානයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමටත් ත්‍රස්තවාදය මර්දනය කිරීමටත් චීනය අඛණ්ඩ ව සහාය දක්වන බවත් පාකිස්ථානයට ගැළපෙන සංවර්ධන පිළිවෙත් අනුගමනය කිරීමට සහාය වන බවත් මෙහිදී චීන ජනපති අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම චීනයේ පුළුල් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ඔස්සේ පාකිස්ථානයට ද සංවර්ධනයේ ප්‍රතිලාභ අත්විඳීමටත් චීනය ආරාධනා කර ඇති බව සඳහන්.

තවද පාකිස්ථානය සමග එක්ව, දෙරට අතර ආර්ථික කොරිඩෝ සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමටත් තම රට සූදානම් බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

අසීෆ් අල් සදාරි මහතා ද මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර තත්ත්වය කවර ආකාරයෙන් වෙනස් වුවද චීනය සමග රැඳී සිටීමට තම රට කැමැත්තෙන් සිටින බවයි.

එමෙන්ම චීනය තම රට වෙත ලබා දෙන ඉමහත් සහයෝගය වෙනුවෙන් පාකිස්ථානයේ ස්තුතිය පළ කළ ජනාධිපති අසීෆ් අල් සදාරි මහතා චීනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් තම රට අධ්‍යයනය කිරීමට කැමැත්තෙන් පසුවන බවද ප්‍රකාශ කළා.

මෙම හමුවෙන් අනතුරුව චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව, වෙළඳාම, විද්‍යා හා තාක්ෂණ, ගුවන් විදුලි හා රූපවාහිනි ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ අවස්ථාවට ද රාජ්‍ය නායක දෙපළ එක් වුණා.

Related posts

පොලී අනුපාත අඩු වීම ඉදිරි සති කිහිපය ඇතුළත

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් ගෙනගිය බස් රථය කැබ් රථයක ගැටී දෙදනෙක් මරුට හතකට තුවාල

Mohamed Dilsad

Governors informed to resign

Mohamed Dilsad

Leave a Comment