Trending Newsඑසැන පුවත්දේශීය

රුසියානු හමුදාවට එක් වූ, ශ්‍රී ලාංකිකයින් 59ක් ජීවිතක්ෂයට

රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය. අද (07) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා මේ බව පැවසීය.

රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකුව බලහත්කාරයෙන් බඳවාගෙන නොමැති බවත් අනාවරණය කෙරුණි. විජිත හේරත් මහතා පැවසුවේ එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවය. 

ඡායාරූපය : රිව්ටර්

Related posts

16 கோடி ரூபாயை செலுத்துமாறு மின்சார சபைக்கு உத்தரவு

Mohamed Dilsad

Paltrow retires as Pepper Potts

Mohamed Dilsad

UTV wins big at 2019 State Television Awards [VIDEO]

Mohamed Dilsad

Leave a Comment