Trending Newsඑසැන පුවත්දේශීය

නීතිපති නිර්දේශය ගැන ලසන්තගේ දියණියගෙන් අගමැති ට ලිපියක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධ නඩු විභාගයට අදාළව නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලමින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අගමැතිනිය වෙත ලිපියක් යොමු කර තිබේ. නීතිපතිවරයා බලය අයුතු ලෙස භාවිත කිරීම හා රාජකාරිය බරපතළ ලෙස නොසලකා හැර ඇතැයි ද ලිපියෙන් ඇය පෙන්වා දෙන්නීය.

පසුගිය දා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විමර්ශනයේ දී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ලබාදුන් නිර්දේශය පිළිබඳ තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇතැයි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳ නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය නීතිමය මතය ලබා දී තිබුණි. පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරන ලද ලිපියක මේ බව සදහන්ය.

අහිම්සා වික්‍රමතුංග අගමැතිනියට යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින්

Related posts

கண்டி நிர்வாக மாவட்டத்தில் மீண்டும் பொலிஸ் ஊடரங்குச் சட்டம்

Mohamed Dilsad

Chinese national apprehended with gemstones worth Rs. 21 million

Mohamed Dilsad

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment