ප්‍රමුඛ පුවත 1

මැන්චෙස්ටර් ප්‍රහාරය ජනපති හෙළා දකී

(උදයම්,කොළඹ)  –  අහිංසක සිවිල් වැසියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ පනස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදුකරමින් මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි සංගීත ප‍්‍රසංගයකට එල්ල වූ ප‍්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ හෙළා දැක තිබේ.

මහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මැතිණිය වෙත ශෝක පණිවිඩයක් යවමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ සියලු ආකාරයේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ලොව සෑම රාජ්‍යයක්ම ප‍්‍රමුඛත්වය දියයුතු බවය.

දේශපාලන අරමුණු වෙනුවෙන් නිරායුධ අහිංසක පුරවැසියන් ඝාතනය කිරීම බියසුළු ක්‍රියාවක් බව ද සිය ශෝක පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා මෙම ඛේදජනක අවස්ථාවේදී බ්‍රිතාන්‍ය රජය සහ එරට ජනතාව වෙතත් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් කනගාටුව පළකරයි.

එසේම, ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය බලවත් සංවේගය පළ කරන ජනාධිපතිතුමා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කර සිටී.

 

Related posts

දුම්රියක මැදිරි වෙන් වෙයි

Mohamed Dilsad

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

දෙපානම මංසන්ධිය අසළ වෙඩි වැදුණු මළ සිරුරක්..

Mohamed Dilsad

Leave a Comment