Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුව, පළාත් පාලන ඡන්දයට සූදානම් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙබරවාරි 2 වනදා, පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු වීමට නියමිත අතර, පළමුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑයට වෙත ගොස් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එම පක්ෂය තීරණය කර ඇති බව සඳහන් වේ.

පසුව, ග්‍රාමීය නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනහමු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

Related posts

අලුත්ගම සිද්ධියට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් [RELEASE]

Mohamed Dilsad

හෙරොයින් තොගයක් සමග නාවික සාමාජිකයින් 2ක් අත්අඩංගුවට

Mohamed Dilsad

IAEA extends support to Sri Lanka’s development

Mohamed Dilsad

Leave a Comment