Trending Newsඑසැන පුවත්දේශීය

රිදීගම සෆාරි උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තැබීමට අවස්ථාවක්

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ලාරා සිංහ මවට හා ඩෝරා සිංහ දුවට උපන් සිංහ පැටවු හය දෙනාට මේ වන විට මාස තුනක් පමණ ගත වි ඇති අතර ඉදිරි මාසයේ මහජන ප්‍රදර්ශනයට යොමුකරන බැවින් නම් තැබිමට මහජනතාවටද අවස්ථාවක් සලසා ඇති බව අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අධ්‍යක්ෂවරයා මහජනාවට දැනුම් දෙයි.

ඩෝරා සිංහ මවට ගැහැණු පැටවු තිදෙනෙක් හා ලාරා සිංහ මවට ගැහැණු පැටවු දෙදෙනෙක් හා පිරිමි එක් පැටවෙක් උපත ලබා ඇත. පිරිමි එක් පැටවෙකුට හා ගැහැණු පැටවු පස් දෙනෙකුට නම් තැබිමට නියමිතව ඇත. ඒ අනුව තැපැල් පතක සිංහ පැටවු සඳහා යෝජනා කරන නම පැහැදිලිව සටහන් කර දුරකතන අංකය සහිතව අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට යොමු කරන ලෙසට අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටී.

Related posts

பாதிக்கப்பட்ட மக்களின் இயல்பு வாழ்வைத் துரிதப்படுத்தும் நடவடிக்கை

Mohamed Dilsad

பசில் ராஜபக்ஷவுக்கு எதிரான வழக்கு ஒத்திவைப்பு…

Mohamed Dilsad

සුරක්ෂා සිසු රක්ෂණය මැතිවරණ කොමිෂමෙන් නතර කරයි.

Editor O

Leave a Comment