Trending Newsඑසැන පුවත්දේශීය

ආගමන – විගමන පාලකගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම කරයි.

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම ලබන 27 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මෙම නඩුකරය අද (22) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ම මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

පසුගිය ආණ්ඩුව සමයේ ඊ-වීසා නිකුත් කිරීමේ ක්‍රමය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි ආගමන හා විගමන පාලකවරයාට චෝදනා එල්ල වී තිබේ.

Related posts

சவுதியில் இருந்து வந்த மேலும் சில பயணிகளுக்கு நோய்த்தொற்று

Mohamed Dilsad

பங்களாதேஷ் அணியிடம் வீழ்ந்தது மே.இ.தீவுகள் அணி

Mohamed Dilsad

කොාරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment