Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ දීමනා කපාහැරීමේ තීරණයක්…

පාර්ලිමේන්තුවේ සේවකයන් සඳහා වන නිවාඩු හිලවු දීමනාව නොගෙවීමට තීන්දුවක් ගෙන තිබේ. රජයේ ආරංචි මාර්ග පැවසුවේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි. පාර්ලිමේන්තු සේවකයන්ට පමණක් මෙම දීමනාව ලබාදී විශේෂත්වයක් දැක්වුවහොත් එය නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි ආර්ථික උපදේශකයන් විසින් සිදුකර ඇති පෙන්වාදීම මත මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ සේවකයන් 1200ක් පමණ මෙම දිමනාව ලබා ගැනීමට හිමිකම් ලබා තිබිණි. රජයේ ප්‍රධානීන් හමුවී පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක්ද මෙම දීමනාව ලබාදෙන ලෙස පසුගිය දිනවල ඉල්ලීම් කර තිබිණි.

Related posts

මිද්දෙණියේ සිද්ධියට අදාළ කන්ටේනර් මුදාහැරි දින පිළිබඳ අනාවරණයක්

Editor O

கொட்டாஞ்சேனையில் கைதான தேசிய தவ்ஹீத் ஜமாத் உறுப்பினர்களை விசாரிக்க அனுமதி

Mohamed Dilsad

குழந்தை பெற விரும்பும் பெண் ரோபோ

Mohamed Dilsad

Leave a Comment