Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාවට ලැබෙන ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ විශේෂ දැනුම්දීමක්

ජනතාවට ලැබෙන ඖෂධවල සුරක්ෂිතභාවය සහ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ හැකියාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවතින බවත් 2023 වසරේ අග භාගයට සාපේක්ෂව මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුටුදායක දියුණුවක් ලබා ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (26) ඖෂධ සැපයුම් ජාලය හා එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මේ වන විට විවිධ ඖෂධ සම්බන්ධයෙන් විවිධ දුර්මත සමාජගත වී ඇතැයිද ඒවා පළ කිරීමට පෙර ඒවායෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බලා ප්‍රචාරය කරන ලෙසද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මාධ්‍යයෙන් ඉල්ලීමක් ද කළේය.

බොහෝ මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල ව්‍යාජ තොරතුරු පසුගිය මාස දෙකක කාලය තුළ පළ වූ බවද එහි ප්‍රතිඵලය වන්නේ ජනතාව තුළ ඖෂධවල ගුණාත්මකභාවය හා සුරක්ෂිතතාවය කෙරෙහි අනියත බියක් ඇතිවීම බව ද ඒ මහතා අවධාරණය කළේය.

ඖෂධ ලියාපදංචි කිරීමේ ක්‍රමවේදයේදී එම ඖෂධවල නිෂ්පාදනාගාරය, එම ඖෂධ නිෂ්පාදනය කරන ආකාරය, ඒවා කුමන රටවල ලියාපදිංචි කර තිබෙන්නේද සහ ඒවායෙහි කුමන රසායනයන් අඩංගු වන්නේද යන්න සලකා බලන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම සහතිකය නිකුත් කිරීම තනි පුද්ගලයෙකු විසින් සිදුකරන්නක් නොවන බවද ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් ඇති බවත් එම කමිටුවෙන් ඒ පිළිබඳ අදාළ දත්ත ලබාගෙන අනුමැතිය ලබාදෙන අතර අයදුම් කළ පමණින් කිසිදු තොරතුරක් සොයා නොබලා අනුමැතිය ලබා නොදෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

மீண்டும் படைப்புழுக்களின் தாக்கம் ஆரம்பம்

Mohamed Dilsad

கொழும்பு – கண்டி வீதியில் வாகன நெரிசல்

Mohamed Dilsad

French couple detained with idol in India leaves for Sri Lanka

Mohamed Dilsad

Leave a Comment