Trending Newsඑසැන පුවත්දේශීය

රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීම පිළිබඳ පොලිස් නිලධාරීන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට මනාව දර්ශනයවන ලෙස ආලෝකය පරාවර්තනයවන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

එසේම රථවාහන නැවැත්වීම සදහා මේවන විට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කිරීමටත් උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මීට අමතරව රාත්‍රී රාජකාරියේ යොදවන නිලධරීන් එසේ ක්‍රියාකරන්නේද යන්න නිරන්තරවම අධීක‍ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක‍්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

Related posts

News Hour | 06.30 am | 20.11.2017

Mohamed Dilsad

Dhananjaya de Silva withdraws from West Indies tour after father killed by gunman

Mohamed Dilsad

Sri Lanka thanks Ivory Coast for the support in the past

Mohamed Dilsad

Leave a Comment