Trending Newsඑසැන පුවත්දේශීය

”බොරු කීම”, ඉතිහාසයේ පළමු වතාවට, ආණ්ඩුව විසින් නීත්‍යානුකූල කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් විසින් බොරු කීම නීත්‍යානුකූල කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

“ආණ්ඩුව පැහැදිලිවම ජනතාවට විශාල බලාපොරොත්තු ගොන්නක් දුන්නා. දැන් ආණ්ඩුව බලාගෙන ඉන්නවා මීළඟ පොල් මුරේ එනකල්. ලුණු මිදෙන්න යන කාලය පිළිබඳ ගණන් හදනවා. වී අස්වැන්න කැපෙන්න කරල් පැහෙන කාලය දිහා බලාගෙන ඉන්නවා. මේ ආණ්ඩුව ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කළ යුතුයි කියන දැඩි ස්ථාවරයේ අපි ඉන්නවා.

ඒ වගේම මේ ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට බොරු කියන එක නීත්‍යනුකූල කරලා තියෙනවා. ඒ නිසානේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලතම මන්ත්‍රිවරියක් මාධ්‍යට ඇවිත් කියන්නේ බොරු කියන්නත් අයිතියක් තිබෙනවා කියලා. තව අවුරුදු පහකින් කියයි බොරු කීමේ අයිතිය අපි පිළිපැද්දා කියලා. තමන් වෙච්ච පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකි වූ විට ආණ්ඩුව දැන් ප්‍රශ්නය වෙනත් පැත්තකට හරවන්න උත්සහ කරනවා.”

Related posts

புதிய உறுப்பினர்கள் இருவர் நியமனம்

Mohamed Dilsad

Govt. to review MCC Agreement, AG tells Supreme Court

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

Leave a Comment