Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන ඉඟියක්

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මේ වනවිට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති බව ආරංචිමාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසුව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ද සහිතව නම් 04ක් තෝරාගෙන ඇති බව සඳහන්.

ඒ අතරට මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ සහ එරාන් වික්‍රමරත්න යන හිටපු මන්ත්‍රීවරුන් ඇතුළත් වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අනෙක් මන්ත්‍රීවරයා වශයෙන් පත්කිරීමට විපක්ෂ නායකවරයාගේ වැඩි කැමැත්ත පළ වී ඇත්තේ විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නීතීඥ රවී ජයවර්ධන මහතා කෙරෙහි බවත් ආරංචිමාර්ග පැවසීය. සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මුලදීම පත්කර තිබිණි.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරු පැදි ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

சட்டமூல பிரேரணை விலக்கிக்கொள்ளப்படவில்லை – சபை முதல்வர் அறிவிப்பு

Mohamed Dilsad

Navy recovers over 150 kg Kerala cannabis from Urumalei

Mohamed Dilsad

Leave a Comment