Trending Newsඑසැන පුවත්දේශීය

ආනයනික වාහන සඳහා වාහනයේ මිල මෙන් දෙගුණයක් බදු.

ඉදිරි වසරේ මුල් කාර්තුව ඇතුළත වාහන ආනයනය කිරීම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට මූලික කාර්යයන් මේ වන විටත් සිදු වෙමින් ඇතැයි වාර්තාවේ. දැනට වාහන අනයනයේදී පනවා ඇති රජයේ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටද ක්‍රියාත්මක කිරීම හෝ ඉතා සුළු සංශෝධනයන් සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

වාහන ආනයනය කිරීම හරහා රජයට බදු ආදායම් උත්පාදනය කර ගැනීමද රජයේ ප්‍රමුඛ අපේක්ෂාවකි. කෙසේ වෙතත් විදේශ සංචිත සඳහා දැඩි පීඩනයක් ඇති නොවන පරිදි ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීම නියාමනයකට යටත්ව කටයුතු කිරීමට නියමිතය.

ජපානයේ නිෂ්පාදිත වාහනයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන්නේ එරටදී නිෂ්පාදකයාගේ මිල මෙන් තුන් ගුණයක පමණ ආසන්න මිලකටයි. ඉතිරි සියලු මුදල් නැවූ ගාස්තු, ආනයනකරුගේ ලාබය හැරැනු විට රජයේ බදු ලෙස අය කරයි.

Related posts

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ ගැටළුව ගැන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේගෙන්, ජනාධිපති ට ලිපියක්

Editor O

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

இலங்கைக்கும் மாலைதீவுக்கும் இடையிலான இருதரப்பு வர்த்தக கருத்தரங்கு

Mohamed Dilsad

Leave a Comment