Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දඩයම් කරනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනය කරමින් සිටින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තුවදී අද (03) අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේය. ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා ගැනීමට සමාජ මාධ්‍ය උපකාරී වූ නමුත් බලයට පැමිණි පසු අදාළ පනත උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කරමින් සිටින බවද කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම මේක සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රෙය් විශාල සහයෝගයක් ඔබට ලැබුණා. නමුත් මේ මොහොත වන විට ඉවත් කරනවායි කියපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියන දේ කරනවානම් මේ මර්දනය නතර කරන්න.”

Related posts

දැනුම් දෙන තෙක් සියලු උත්සව-වන්දනා සහ විනෝද චාරිකා තහනම්

Mohamed Dilsad

Sri Lanka’s trade talks with fastest growing Asian economy later this year

Mohamed Dilsad

சம்பியன்ஸ் கிண்ண கிரிக்கெட் சுற்றுப்போட்டியில் பங்கேற்கும் அணிகள்

Mohamed Dilsad

Leave a Comment