Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්වය විභාග ප්‍රශ්න ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට කරුණු දක්වයි.

ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි අද (02) දින නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තීබේ.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වා ඇත.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කර ඇති අතර, මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කර තිබෙන බවද සොලිසිටර් ජනරාල්වරයා දන්වා තිබේ.

Related posts

කොරෝනා ගැන සියළු රටවලට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

காதலில் ஏமாந்த சார்மி

Mohamed Dilsad

Special traffic plan around BIA

Mohamed Dilsad

Leave a Comment