Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්

අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් නව කථානායකවරයා කටයුතු කරනු ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) දසවැනි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් පැවසුවේය.

දස වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පත්වීම් ලැබූ ආචාර්ය අශෝක සපුමල් රන්වල මහතාට සිය සුබාශිංසන පුද කරන බවත් කතානායකවරයා ලෙස වැදගත් වගකීම් රැසක් ඔහු සතු බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්නට 225 දෙනාගේම මහජන සේවාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවාවන්හීදී ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කිරිමට අපක්ෂපාතීවත් විනිවිදභාවයෙන් යුක්තවත් නව කතානායකවරයා කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය. එසේ ම නව කතානායකවරයාගේ වගකීම හා කාර්යභාරය ව්‍යවස්ථානුකුලව, නියමානුකූල ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Related posts

Special 5 Member Panel to Provincial Council Election Recommendations

Mohamed Dilsad

பல மாவட்டங்களில் இணைய சேவை முடக்கம்

Mohamed Dilsad

மழை அல்லது இடியுடன் கூடிய மழை…

Mohamed Dilsad

Leave a Comment