Trending Newsඑසැන පුවත්දේශීය

සහල් පෝලිම අත ළඟ ද…? ඇතැම්, සහල් තොග ප්‍රමාණවත් නොවැම්බර් මාසයට පමණයි. ආණ්ඩුව කඩිමුඩියේ, සහල් ආනයනකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි.

සහල් ආනයනකරුවන්ට අද (19) උදෑසන 11.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබේ. සහල් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එහිදී පැවැත්වීමට නියමිත බව සඳහන්.

ඇතැම් සහල් වර්ගවල තොග පවතින්නේ නොවැම්බර් මාසය අවසානය දක්වා පමණක් බැවින් හදිසියේම සහල් ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.

මේ වනවිටත් වෙළඳපොළේ නාඩු සහ සුදු කැකුළු සහල් හිඟයක් පවතින අතර ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහල් නිකුත් කිරීම සීමා කර ඇත. එමෙන්ම, සුපිරි වෙළඳසැල්වල සහල් මිලදී ගැනීමේදී කාඩ්පත්වලින් ගෙවීම් කළ නොහැකි අතර අත්පිට මුදලට පමණක් සහල් අලෙවි කරන බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබෙන බවද ජනතාව සඳහන් කරති.

Related posts

Parliamentary Select Committee to convene today

Mohamed Dilsad

களனி பல்கலைக்கழகத்தின் சில பீடங்கள் மீண்டும் 03ம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

වන්නි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන වූ පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment