Trending Newsඑසැන පුවත්දේශීය

බිත්තරයක් රු. 60-65 මිල වැඩි වේවි. සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපළ රැසක් වසා දමාවී – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් අතර මිලකින් ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා. මේ වන විට බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 38ක් පමණ වන නමුත් ගොවියා බිත්තරයක් රුපියල් 30-31ත් අතර මිලකට රුපියල් 7ක පමණ පාඩුවක් දරමින් ලබා දෙන බැවින් මහා පරිමාණ ගොවීන් ක්‍ෂේත්‍රයේ රැඳී සිට මධ්‍ය හා කුඩා පරිමාණයේ ගොවීන් ගොවිපළවල් අත්හරින තත්ත්වයකට පත්ව ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මෙසේ ද කීවේය. “සත්ත්ව ආහාර නිෂ්පාදනයට අපි සියයට 20%ක් හුණු සහල් භාවිත කරද්දි රයිස් පොලිස් සියයට 30%ක් භාවිත කරනවා. ඒ වගේම දැන් වනවිට සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට වඩා සත්ත්ව ආහාරවලට රයිස් පොලිස් හා හුණු සහල් ඉල්ලුම වැඩිවෙමින් තියනවා. ඒ වගේම සහල් වැඩිවශයෙන් එතනෝල් නිෂ්පාදනයට මහා පරිමාණයෙන් ඉල්ලන නිසා මේ දිනවල සහල් මිල ඉස්සෙමින් යන්නේ. ඊට සමගාමීව කැඩුන සහල් නැත්තම් සුණු සහල් මිලත් තුන්ගුණයකින් පමණ ඉහළ යමින් තියනවා. ඒ හේතුවෙන් රුපියල් 150ට අපි නිෂ්පාදනය කරගත්ත කෑම කිලෝවක් මේ වනවිට රුපියල් දෙසියයේ සීමාව ආසන්නයටම ඇවිල්ලා. බිත්තර කෝටියකට ආසන්න දෛනික නිෂ්පාදනයක් තිබුණා. සත්තු දහසක් හදන්න ගොවියෙකුට රුපියල් ලක්‍ෂ 30ක් පමණ යනවා. එහෙව් ගොවියොත් අද බිත්තර දාමින් ඉන්න සත්තුත් මසට විකුණන්න සූදානමක් තියනවා කරගන්න බැරිව. ඒ නිසා මස් කිලෝවක මිලත් පහළ වැටෙමින් යන්නේ. අද නිෂ්පාදන වියදම මේ හේතු සියල්ලම නිසා රුපියල් 38ක් පමණ වෙද්දී ගොවියා දෙන්නෙ රුපියල් 30ත් 31ත් අතර රුපියල් 7ක පමණ පාඩුවක් දරමින්. මේ හේතුවෙන් මහා පරිමාණ ගොවීන් ක්‍ෂේත්‍රයේ රැඳිලා මධ්‍ය හා කුඩා පරිමාණයේ ගොවීන් ගොවිපළවල් අත්හරී. අන්න එහෙම වුණොත් නත්තලට රුපියල් 60 සීමව ඉක්මවෙලා බිත්තර මිල යාවි.”

Related posts

மஹிந்தானந்தவின் வழக்கு விசாரணை மேல் நீதிமன்ற நீதிபதி சம்பத் அபேகோனிடம்

Mohamed Dilsad

டெங்கு நோய் பரவும் அபாயம்

Mohamed Dilsad

பெலியத்த- சீதுவ பகுதிகளில் துப்பாக்கிப் பிரயோகங்கம்

Mohamed Dilsad

Leave a Comment