Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ෆාමසී රැසක් වැසීයාමේ අවධානමක් – බලපත්‍ර අලුත්කරන්න පූර්ණ කාලීනව සේවයේ නිරත ඖෂධවේදියෙක් සිටිය යුතුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය.

දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක් මතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.

රජයේ රෝහල්, පෞද්ගලික ෆාමසිවලට ඖෂධවේදීන් දසදහසක් පමණ අවශ්‍ය වුවත් දැනට දිවයින පුරා සිටින්නේ ඖෂධවේදීන් හයදහසක් පමණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ෆාමසි හිමිකරුවන් ඖෂධවේදියකු සමග සිය ලියාපදිංචිය කර පුහුණුවන ඖෂධවේදීන් ද සමග ෆාමසි මගින් සිය සේවාව ලබාදෙයි.

එහෙත් වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී ඖෂධවේදීන් නොමැති බව ප්‍රකාශ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හදිසි තීරණයක් ගෙන අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද සඳහන් කරයි.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත හඳුන්වා දීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් අවශ්‍යතාව සපුරාගන්නා තුරු බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබිණි.

මේ අතර ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වන දින තීන්දුවක් ගෙන තිබේ.

එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර තිබේ.

එම සංගමය පෙන්වා දෙන්නේ ෆාමසි බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවයි. බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ටය

Related posts

நாலக சில்வா ஜனவரி 21 ஆம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

ரஞ்சன் ராமநாயக்கவுக்கு எதிரான வழக்கு செப்டம்பர் 05ம் திகதிக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

உலக கிண்ண கால்பந்து போட்டியை நடத்தும் வாய்ப்பை பெற 4 நாடுகள் முயற்சி

Mohamed Dilsad

Leave a Comment