Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (23) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී බීඑම්ඩබ් මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණි. ඉන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය ද අද (23) වරෙන්තුවක් නිකුත් කර තිබුණි. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටියේය. 

Related posts

World Oral Health Day observed today

Mohamed Dilsad

Queen wishes good fortune and happiness on Independence Day

Mohamed Dilsad

UNF decides it will support Ranil; Final stance to convey to President today

Mohamed Dilsad

Leave a Comment