Trending Newsඑසැන පුවත්

විශ්‍රාමිකයින් සඳහා පසුගිය ආණ්ඩුවෙන් අනුමත කළ රු. 3,000 අන්තර්කාලීන දීමනාව අද (16) ගිණුම්වලට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබා දීම සඳහා 2024/08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොතිබිණි.

පසුගිය 14 වන දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක් වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

ඒ අනුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් මෙම දීමනාව අද සිට ගෙවීමට කටයුතු කරනු ඇත.

Related posts

ஜனாதிபதி மற்றும் எதிர்க்கட்சித் தலைவருக்கு இடையே நேற்றைய தினம் இடம்பெற்ற சந்திப்பு

Mohamed Dilsad

இலங்கையின் அரசியல் மாற்றம்-ஜப்பான் வரவேற்பு

Mohamed Dilsad

நடிகைகளில் ஸ்ருதி ஹாசன் முதலிடம்

Mohamed Dilsad

Leave a Comment