Trending Newsඑසැන පුවත්දේශීය

නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අල්ලස් ගනිද්දී අල්ලයි.

රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව, චෙන්කලාඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් අල්ලස් කොමිෂමට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී .සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව සතුරුකොන්ඩාල් ප්‍රදේශයේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිලදී ගැනීමෙන් පසු එහි මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 6ක් ගෙවූ පසු එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි දෙකයි ලක්ෂ 65 ක් බව යළිත් පළාත් ආදායම් කාර්යාලය මඟින් දන්වා තිබේ. ඒ අනුව, දඩ මුදලක් සමඟ රජයේ ගාස්තුව රුපියල් 850,000ක් ගෙවිය යුතු බව පවසා එම මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කිරීම සඳහා ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.

අදාළ මුදල මඩකලපුව නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී ලබාගන්නා අවස්ථාවේදී එම නියෝජ්‍ය කොමසාරිස්වරයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසීය.

Related posts

வெள்ளத்தால் இதுவரை முப்பதுக்கும் மேற்பட்டோர் பலி

Mohamed Dilsad

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා යළි ඇරඹීමට පියවර [RELEASE]

Mohamed Dilsad

Saudi funds to control near 30% stake in Amana Bank

Mohamed Dilsad

Leave a Comment