Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති-මන්ත්‍රී සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමේ තීරණයක

ඉදිරියේදී අමාත්‍යවරයෙකු සඳහා ලබාදෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව උපරිම වශයෙන් සිව් දෙනෙකුට සීමා කිරීම සඳහා යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්තාවෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට උපරිම ලෙස ආරක්‍ෂකයන් දෙදෙනෙකු පමණක් ලබා දීමට එහිදී යෝජනා වී තිබේ. මෙම සංඛ්‍යාවන් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශය ට පත් කර නැත.

මීට පෙර, ඇමතිවරයෙකට හතක් – දහයක් අතර ආරක්‍ෂක නිලධාරීන් ප්‍රමාණයක්ද මන්ත්‍රීවරයකුට පහක් – හතත් අතර ප්‍රමාණයක් ද ආරක්ෂක නිලධාරීන් ලබා දී තිබිණි. පසුගිය අරගලය සමයේදී ඇතැම් මැති ඇමතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාවද වැඩි කර තිබිණි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මැති ඇමතුවරුන් ඇතුළු ප්‍රභූවරුන්ට දෙන ආරක්ෂාක නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳව තීරණය කිරීම, ඒ වෙනුවෙන් පත්කරන ලද කමිටුවක් මගින් සිදු කිරීමට නියමිත බවද සඳහන්.

Related posts

ஜனாதிபதி, பிரதமர், எதிர்கட்சித் தலைவரின் நத்தார் வாழ்த்துச் செய்தி…

Mohamed Dilsad

A Young LeBron James Movie Planned

Mohamed Dilsad

විනය රකින්න සමගි ජන බලවේගය ගත් විශේෂ තීරණය

Editor O

Leave a Comment