Trending Newsඑසැන පුවත්දේශීය

අපනයන වැඩිකර, විදේශ සංචිත ප්‍රමාණය ඉහළ දමා ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව තියෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ රටේ ණය ගෙවීම 2033 දී සිදු කරන ලෙස කිව්වත් පසුගිය රජය සහ ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුය කියා ගිවිසුම් ගසා ඇතිබැවින් 2028 සිට ණය ගෙවීමට ප්‍රමාණවත් සංචිත රැස් කළ යුතු බවත්,  ඒ සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (14) ගම්පහ කිරිදිවැල පිහිටි හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති ජන හමුවකදීය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. විදේශ විනිමය උපයා ගැනීම සදහා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩ නගා, විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා, දර්ශනයක් සහිත දක්ෂ නිපුණතාවෙන් පිරි කණ්ඩායම සමගි ජන බලවේගය සමග සිටිනවා. කර්මාන්තශාලා ආරම්භ කර දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කර 260000කට ආසන්න ප්‍රමාණයක් වැසී ඇති ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ශක්තියක් විය හැක්කේ කාටද කියා ජනතාව තීරණය කළ යුතුයි.

විදේශ ණය නැවත ගෙවිය හැකි ලෙස ආර්ථිකය දියුණු කළ හැක්කේ කාටද කියා ජනතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. මේ ආර්ථික ප්‍රශ්නයට හොඳම විසඳුම තිබෙන්නේ සමගි ජනබලවේගයටයි. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දුප්පත්කම, විරැකියාව, දුෂ්කර ජන ජීවිත ගත කිරීම ආදී ගැටලුවලට විසඳුම් ලබාදී රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. රට ආර්ථිකයට ප්‍රමුඛස්ථානය ලබා දෙමින්, පවතින තත්ත්වය තුළ වත්මන් ජනාධිපතිවරයා සමඟ රට ගොඩනගන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. පටු වාදභේද දේශපාලන මතිමතාන්තර පැත්තකට දමා රටටත් ජනතාවටත් ශක්තිය ලබා දෙන වැඩපිළිවෙළකට මුල පුරන්න සමගි ජන බලවේගය සුදානම් යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

.

Related posts

ඉන්ධන මිල යළිත් වරක් ඉහළට

Mohamed Dilsad

ඇඳිරිනීති සමය තුළ විවෘත වන ඉන්ධනහල් [RELEASE]

Mohamed Dilsad

China evacuates 200,000 as typhoon hits east coast

Mohamed Dilsad

Leave a Comment