Trending Newsඑසැන පුවත්දේශීය

කලාකරුවෝ රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දීලා. නාම ලේඛනය මෙන්න

ජනප්‍රිය කලාකරුවෝ රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නාම යෝජනා දී තිබේ.

ඒ අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මයික්‍රපෝනය ලකුණින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ලකුණින් ගම්පහ දිස්ත්‍රික්කයටත්, ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි මහතා උවිදු විජේවීරගේ දෙවෙනි පරපුර පක්‍ෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් නාම යෝජනා බාර දී තිබේ.

මාධ්‍යවේදියකු සහ රංගන ශිල්පියකු වන විමල්කැටපේ ආරච්චි මහතා කොළඹ දිස්ත්‍රික්කයටත් රංගන ශිල්පී සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජගත් මනුවරණ මහනුවර දිස්ත්‍රික්කයටත්, ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා දී තිබේ. රංගන ශිල්පි වමිලා පිරිස්ද ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා දී තිබේ. සම්මානනීය සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ මහතා මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටී.

රංගන ශිල්පිනී අනුෂා දමයන්ති, රංගන ශිල්පී ජයන්ත කැටගොඩ සහ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ යන මහත්ම මහත්මිහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවේ නාම යෝජනා සඳහා ඉදිරිපත්ව සිටිති.

Related posts

உயர் நடுத்தர வருமானம் பெரும் நாடாக மாறியது இலங்கை

Mohamed Dilsad

தெரிவுக் குழுவில் அங்கம் வகிக்க வாய்ப்பு தாருங்கள்-அமைச்சர் டக்ளஸ்

Mohamed Dilsad

Export To Sweden Session A Hit – says Minister Rishad

Mohamed Dilsad

Leave a Comment