Trending Newsඑසැන පුවත්දේශීය

සර්වජන බලය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ විපක්ෂ නායක ධූරය වෙනුවෙන් – උදය ගම්මන්පිළ

සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි. සර්වජන බල පක්ෂ කාර්යාලයේ අද (07) පැවති මාධ්‍ය හමුවක දී හිටපු මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිළ මහතා මෙසේ ද කීවේය. අග්‍රාමාත්‍යධුරය අනිවාර්යයෙන්ම ජාතික ජනබලවේගය ලැබීය යුතු යි කියන මතයේ ඉන්නවා. පක්ෂ දෙකකින් ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්වූවහොත් රට අස්ථාවර වේවි. මෙරට ප්‍රධාන විපක්ෂයේ භූමිකාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.  ඒ වෙනුවෙන් ජනතා සහාය අපේක්ෂා කරනවා. සර්වජන බලය සන්ධානය පදක්කම ලකුණෙන් මෙවර මැතිවරණයට තරග කරනවා. අපි මෙවර බලාපොරොත්තු වන්නේ රන් පදක්කම නෙවෙයි. රිදී පදක්කම. මොකද අගමැතිකම අනිවාර්යෙන්නම යන්න ඕනේ මාලිමාවට. පක්ෂ දෙකකට ජනපතිකම සහ අගමැතිකම ගියොත් රට අස්ථාවර වෙනවා. ප්‍රධාන විපක්ෂයේ භූමිකාව අපි ජනතාවගෙන් ඉල්ලනවා යැයි ද කීවේය.

Related posts

பப்ஜி கேம் விளையாடிய இருவரின் நிலை?

Mohamed Dilsad

கிளிநொச்சியில் மழை வேண்டி யாகபூயையும் 1008 இளநீரில் அபிசேகமும்

Mohamed Dilsad

வத்திக்கானில் நத்தார் தின சிறப்பு திருப்பலி

Mohamed Dilsad

Leave a Comment