Trending Newsඑසැන පුවත්දේශීය

ලෙබනනය සහ ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ට, කිසිදු අනතුරක් නැහැ – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

යුද ගැටුම් හමුවේ ලෙබනන සහ ඊශ්‍රායලයේ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයින්ට, කිසිදු අනතුරක් සිදුව නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් එම රටවල් දෙකට සේවකයන් බඳවා ගැනීම සහ ලියාපදිංචි කිරීම තාවකාලිකව නතර කර ඇති බවත්, ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා ප්‍රකාශ කරයි.

එරට සිටින ඥාතීන් පිළිබද විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නම් 1898 අංකය ඇමතිය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ඊශ්‍රායලයේ හෝ ලෙබනනයේ සිටින යම් ශ්‍රමිකයෙකුට පහසුකම් සැපයීමේ අවශ්‍යතාවක් ඇතිවුව හොත් ඊට  අවශ්‍ය මුදල් ලබා ගැනීමට සියලු උපදෙස් ලබා දී ඇති බවද සෙනරත් යාපා මහතා සඳහන් කළේය.

Related posts

ஜனாதிபதியை சந்தித்த ஆனந்த சுதாகரனின் பிள்ளைகள்..! உறுதியளித்த ஜனாதிபதி!

Mohamed Dilsad

மோடியுடன் இணைந்து பணியாற்ற காத்திருக்கிறேன்

Mohamed Dilsad

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment