දේශීය

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට

(UTV | කොළඹ) – ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිගු පිටි තොග ලබා ගැනිමේදි සැම කිලෝවකටම රු 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

නව මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි.

එයට සමගාමිව ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර රු 10 කින් පමණ ඉහල දැමිමට සිදු වන බව බේකරි හිමියන් පැවසිය.

දැනට වෙලදපොලේ ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 110 කට අලෙවි වන අතර, තිරිගු පිටි ඉහල යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල මිල 70% කින් පමණ ඉහල ගොස් ඇති බවයි බේකරි හිමියන් කියා සිටින්නේ.

සෙරෙන්ඩිප් තිරිගු පිටි සමාගමද තිරිගු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව ජීවන් තොණ්ඩමන් තීරණයක් ගනී

Mohamed Dilsad

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

Mohamed Dilsad

සාමාන්‍ය ටිකට් අරන්, ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ ගමන් කළ මාලිමාවේ ඇමතිවරු සිව්දෙනා කවුද…?

Editor O

Leave a Comment