Trending Newsඑසැන පුවත්දේශීය

වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයට

වීසා නිකුත් කිරීම, පැරණි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රියේ සිට පැරණි ක්‍රමවේදයට වීසා නිකුත් කරනු ඇත.

පැරණි ක්‍රමය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව සියලුම විදේශිකයන්ට හිමිවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම වීඑෆ්එස් ආයතනයට වීසා කොන්ත්‍රාත්තුව ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්, විගණනය එළිදරව් වන කරුණු අනුව, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

අද සිට විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිකුත් කල නිල ඇඳුම් තිළිණපත් කාලය දිගු කරයි

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment