Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අපේක්ෂකයන්ගේ විවාදය අද

රට ගොඩගන්නේ කෙසේද? මැයෙන්, මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන, ජනාධිපති විවාදය අද (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. දින 03ක් පුරා පැවැත්වෙන ජනාධිපති අපේක්ෂක විවාදයට මුල් දිනයේදී අපේක්ෂකයන් 06 දෙනෙකුට ආරාධනා කර තිබුණද ඊයේ පස්වරුව වන විටත් ඒ සඳහා කැමැත්ත පළ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ අරියනේත්‍රන් පාකියසෙල්වම් යන මහත්වරු පමණකි.

මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ආරාධනා කර තිබුණද තමන්ට විවාදය සඳහා සහභාගී වීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියකින් දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විවාදයට සහභාගිවන බව තහවුරු කර නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම විවාදය ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහනිය ඇතුළු රූපවාහිනී නාලිකා කිහිපයක සජීවීව විකාශය කිරීමට නියමිත අතර සමාජ මාධ්‍ය හරහාද එය සජීවීව විකාශය කිරීමට නියමිත ව තිබේ.

Related posts

UK Govt. asks Queen to suspend Parliament

Mohamed Dilsad

Prime Minister condoles Manchester attack

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment