Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

උද්ධමනය පහළ යයි.

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය පහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද (අගෝ. 30) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අගෝස්තු මාසය සඳහා 0.5% ක් දක්වා අඩු වී ඇත. එය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් ලෙස වාර්තා වී තිබේ. 2024 අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.8% දක්වා අඩු වී ඇති අතර 2024 ජූලි මාසයේදී එය වාර්තා වුයේ, 1.5% ක් ලෙස ය.

එමෙන් ම, 2024 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.4% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජූලි මාසයේදී 2.8% ක් ලෙස වාර්තා වී තිබේ.

Related posts

වරද පිළිගත් චීවරධාරියෙකුට අධිකරණයෙන් තීන්දුවක්

Mohamed Dilsad

பலத்த காற்றுடன் கூடிய மழை – மீனவர்களுக்கு எச்சரிக்கை

Mohamed Dilsad

நாணயற் சுழற்சியில் மேற்கிந்திய தீவுகள் அணிக்கு வெற்றி

Mohamed Dilsad

Leave a Comment