Trending Newsඑසැන පුවත්දේශීය

සජිත් පරදවන්න කුමන්ත්‍රණ රැසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ක්‍රියාදාමයන් නැවැත්වීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට කුමන්ත්‍රණ රැසක් රට තුළ ක්‍රියාත්මක වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය වෙනවා.මැතිවරණ නීති රීතිවලට පටහැනිව ක්‍රියාකරන ජනාධිපතිවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම උත්සාහ කරනවා. ජනාධිපතිවරයාගේ ඡන්ද සළකුණ නිසා ජනතාවට ගෑස් පෝලිම් යුගය ආදි ගැටළු නැවත නැවතත් මතකයට එනවා. එකළ ජනතාවට ප්‍රශ්න ඇති කළ මැති ඇමතිවරු රාශියක් මේ වන විට ජනාධිපතිවරයා සමග එක්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

Police fire tear gas at protesting students

Mohamed Dilsad

அரசியல் நெருக்கடி நிறைவுக்கு வந்துள்ளமை குறித்து இந்தியா திருப்தி

Mohamed Dilsad

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment