Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

(UTV | කොළඹ) –

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් සහ නව විසඳුම් සපයා දී ඇතැයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහෙභාස් ෂරීෆ් පවසනවා. ඉස්ලාමාබාද් අගනුවර අගමැති මන්දිරයේදී චීන මාධ්‍ය සමූහය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිවාරය මහලේකම් ෂී ජින්පිං මහතාගේ දූරදර්ශී බව මනාව පිළිබිඹු කළ ඉතා සාර්ථක රැස්වීමක් බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීන ජනතාව චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථික ඒකකය බවට පත් කර සමස්ත චීන ජනතාවට දරිද්‍රතාවයෙන් මිදී පොදු සමෘද්ධිය කරා ගමන් කිරීමට හැකි ප්‍රාතිහාර්යයක් නිර්මාණය කර ඇති අතර මේ සියල්ල දූරදර්ශී උපායමාර්ගික සැලසුම්වල ප්‍රතිඵලයක් බවට ෂෙහෙභාස් ෂරීෆ් විශ්වාසය පළ කර තිබෙනවා.

චීනයේ සංවර්ධනය තම රටට උදාහරණ සහ නව විසඳුම් සපයා දී ඇති අතර පාකිස්ථානය චීනයේ සංවර්ධන මාවත අනුගමනය කරමින් ස්වාධීන හා වේගවත් සංවර්ධනයක් අත්කර ගත යුතු බව හෙතෙම අවධාරණය කර ඇත්තේ. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතියක් වන බව පෙන්වාදී ඇති පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එයින් පාකිස්ථානයට විශාල ප්‍රතිලාභයක් ලැබී ඇති බව සඳහන් කර තිබෙනවා.

පාකිස්ථාන-චීන ආර්ථික කොරිඩෝවේ දෙවන අදියර ගොඩනැගීම ප්‍රයෝජනයට ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි ෂෙහෙභාස් ෂරීෆ් අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත්තේ. දෙපාර්ශ්වයේම ඒකාබද්ධ උත්සාහයන් සමග චීනය සහ පාකිස්ථානය ලෝකයේ සංවර්ධනය, සමෘද්ධිය හා සාමය පිළිබඳ ආදර්ශයක් බවට පත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Related posts

Case against Mohan Peiris fixed for inquiry

Mohamed Dilsad

கோட்டாபய சவாலுக்குரிய ஒரு வேட்பாளர் என்பது கசப்பான உண்மை – ஹர்ஷ

Mohamed Dilsad

போதைப்பொருள் ஒழிப்பு நடவடிக்கைகளுக்காக விசேட ஆலோசனை சபை

Mohamed Dilsad

Leave a Comment