Trending Newsඑසැන පුවත්දේශීය

ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු සේවයට ගන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

(UTV | කොළඹ) –

ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු සේවයට බඳවා නොගන්නා බවත්,  ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය, විෂය මාලාවෙන් ඉවත් නොකරන බවත්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් කර, එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන අතරම 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ, අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවයි. වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසිසේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ,  කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බවත්, එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100 ක ක්‍රියාත්මක ව ඇති අතර  ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හම්බන්තොටට

Mohamed Dilsad

மகளிருக்கான உலகக்கிண்ண கிரிக்கட் தொடர் ஜூனில் ஆரம்பம்

Mohamed Dilsad

12 பேரை சுவிஸ் பெடரல் நீதிமன்றம் நிபந்தனைகள் இன்றி விடுதலை [VIDEO]

Mohamed Dilsad

Leave a Comment