Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000 ක විශේෂ මාසික දීමනාවක්

(UTV | කොළඹ) –

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ (24) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය වෙත පැවසුවේ මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවය.

“රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම තිබෙන වැටුප් විෂමතා එකවර විසඳීමට කමිටුව පත් කළේ. ඒ අතරතුර ඒ කමිටුවේම අදහසක් අනුව තමයි මේ කටයුතු සම්පූර්ණ වෙනකම් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක දීමනාවක් දෙන්න තීරණය කළේ. ලක්ෂ 7කට විතර ඒ ප්‍රතිලාභය ලැබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Related posts

உயர் தர பரீட்சைக்கான விண்ணப்பங்கள் ஏற்கும் திகதி இன்றுடன்(01) நிறைவு

Mohamed Dilsad

கிழக்கின் தொண்டராசிரியர்களுக்கான தீர்வு துரிதப்படுத்தப்பட வேண்டும் – பிரதமரிடம் கிழக்கு முதல்வர் கோரிக்கை

Mohamed Dilsad

மனச்சாட்சியின் விளிம்பில் விழும் நீதியின் நிழல்கள்

Mohamed Dilsad

Leave a Comment