Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනා ඉහළ දමයි

(UTV | කොළඹ) –

ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2022 වසරේ අගෝස්තු මස වන විට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝග හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩගැසී තිබුණු අතර ඒ සියල්ල එම වර්ෂය තුළම ගෙවීමටත්, ගෙවීම් කිරීමේදී අදාළ දීමනාව 50% සිට 100% දක්වා වැඩිකිරීමටත් පියවර ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඉල්ලුම්පත්‍රයක් ලැබී සතියක් තුළ අදාළ දීමනා සඳහා ප්‍රතිපාදන වෙන්කරන තත්ත්වයට එම කටයුතු කඩිනම් කිරීමට වත්මන් රජය යටතේ පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපති අරමුදල මගින් පාසැල් දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරුදැරියන් 4000ක් වෙත ශිෂ්‍යාධාර දීමනා සහ පාසල් පොත් සහිත බෑග ලබාදීම සඳහා අද (16) පැවති ජාතික උත්සවයට සහභාගිවීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

Related posts

Sri Lanka Cricket donates medicines worth Rs. 1 million to Apeksha Cancer Hospital

Mohamed Dilsad

සුමන්තිරන් මහජන මුදල් කාරක සභාවේ සභාපති ධූරයට

Mohamed Dilsad

Fifteen underworld criminals transferred to Boossa prison

Mohamed Dilsad

Leave a Comment