Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකුට සිර දඬුවම්

(UTV | කොළඹ) –

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට එරෙහිව සිර දඬුවම් නියම කිරීමට ස්විට්සර්ලන්තයේ අධිකරණයක් නියෝග කර ඇතැයි ජාත්‍යන්තර මධ්‍ය සඳහන් කරයි.

ඔවුන් ඉන්දියාවෙන් රැගෙනවිත් ජිනීවා මන්දිරයක සේවයේ යොදවා සිටි සේවකයින්ට නිසි ලෙස සලකා නොමැති බවට චෝදනා එල්ල වුණි.  ප්‍රකාශ් සහ කමාල් හින්දුජා, ඔවුන්ගේ පුත්‍රයා වන අජේ සහ ඔහුගේ බිරිඳ වන නම්රතා ට එරෙහිව එම දඬුවම් පනවා තිබේ. ඔවුන්ට එරෙහිව වසර 4 සිට වසර 4 1/2 දක්වා සිර දඬුවම් නියම කර ඇත. මිනිස් ජාවාරම සම්බන්ධයෙන්ද ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර එම චෝදනාවෙන් ඔවුන්ව නිදහස් කර ඇත.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා පැවසුවේ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඉන්දීය සම්භවයක් සහිත හින්දුජා, සිය මන්දිරයේ සේවය කිරීම සඳහා ඉන්දියාවෙන් පුද්ගලයින් තිදෙනෙක් රැගෙනවිත් තිබුණි. අධිකරණයේදී හෙළිවූයේ දිනකට පැය 18ක් පමණ ඔවුන්ව සේවයේ යොදවා ඇති බවත් පැයක් සඳහා එක් අයෙකුට ගෙවා ඇත්තේ ඩොලර් 8ක් පමණක් බවත් ය. එය ස්විස් නීතිය අනුව ගෙවිය යුතු මුදලට වඩා 10න් එකකටත් වඩා අඩුය. ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද හින්දුජා බාරයේ තබාගෙන තිබුණි. පැමිණිලිකරුවන්ගේ නීතිඥයින් අධිකරණයේදී පවසා ඇත්තේ චූදිතයින් ඔවුන්ගේ සුනඛයන් වෙනුවෙන් ඊට වඩා වැඩි මුදලක් වියදම් කර ඇති බවයි. හින්දුජා පවුලේ සාමාජිකයින්ගේ ධනවත්කම පවුම් බිලියන 37ක් පමණ වෙතැයි සැලකෙයි.

Related posts

Cabinet approved vote on account proposed by PM

Mohamed Dilsad

News Hour | 06.30 am | 20.12.2017

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අත්හිටුවයි. වැය වූ මූලික වියදම ලබාදෙන ලෙස අදානි සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි.

Editor O

Leave a Comment