විදෙස්

වැරදුණු ප්‍රහාරය – 85ක් මරුට

නයිජීරියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් අත්වැරදීමකින් එරට උතුරුදිග කඩුනා ගම්මානයට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 85 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

 

මෙම ප්‍රහාරය අත්වැරදීමකින් එල්ල කළ බව නයිජීරියානු හමුදාව ද පිළිගෙන තිබේ.

 

අදාළ ප්‍රහාරය සිදුවූ ආකාරය සොයා විමර්ශනයක් ආරම්භ කිරීමට එරට ජනාධිපති බෝලා ටිනුබූ නියෝග කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

 

අවිගත් කල්ලිවල ක්‍රියාකාරකම් බහුල කලාපයක් ලෙස සැලකෙන මෙම කලාපය නිතරම ගුවන් ප්‍රහාරවලට ඉලක්ක බවට පත්වෙයි.

 

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 66 දෙනෙකු ද තුවාල ලබා ඇතැයි සඳහන් ය.

Related posts

උතුරු කොරියා – ඇමෙරිකා සාකච්ඡා වලට බාලගිරි දෝෂයක්

Mohamed Dilsad

බ්‍රිස්බෙන් නගරයත් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

කොරෝනා තතු හෙළි කළ සිංගප්පූරුවේ නිලධාරිනියක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment