විදෙස්

කොරෝනා තතු හෙළි කළ සිංගප්පූරුවේ නිලධාරිනියක් අත්අඩංගුවට

(UTV |කොවිඩ් 19 ) – කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව සහ තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාව මත සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

35 හැවිරිදි අදාළ කාන්තාව රාජ්‍ය රහස් පනත හා පරිගණක අවභාවිත පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කොරෝනා පිළිබඳ තොරතුරු නිල වශයෙන් ප්‍රසිද්ධ කිරිමට පෙර ඇය ඒවා වී චැට් සමූහයක සාමාජිකයන් සමග හුවමාරු කර ගෙන ඇති බව අනාවරණ වී ඇත.

තවදුරටත් ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වන 886,709 දෙනෙකු වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. එහි මරණ සංඛ්‍යාව 50,243ක්.

Related posts

කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයි

Mohamed Dilsad

ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment