විදෙස්

කොරෝනා තතු හෙළි කළ සිංගප්පූරුවේ නිලධාරිනියක් අත්අඩංගුවට

(UTV |කොවිඩ් 19 ) – කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව සහ තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාව මත සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

35 හැවිරිදි අදාළ කාන්තාව රාජ්‍ය රහස් පනත හා පරිගණක අවභාවිත පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කොරෝනා පිළිබඳ තොරතුරු නිල වශයෙන් ප්‍රසිද්ධ කිරිමට පෙර ඇය ඒවා වී චැට් සමූහයක සාමාජිකයන් සමග හුවමාරු කර ගෙන ඇති බව අනාවරණ වී ඇත.

තවදුරටත් ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වන 886,709 දෙනෙකු වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. එහි මරණ සංඛ්‍යාව 50,243ක්.

Related posts

අග්නිදිග ආසියාකරයේ නව මැලේරියා විශේෂයක් පැතිරෙයි ?

Mohamed Dilsad

චීනයට නිධානයක් පහළ වෙයි.

Editor O

කාශ්මීරයේ හිමකඳු නාය යෑමෙන් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment