දේශීය

හෙට රජයේ සේවකයෝ ලෙඩවෙයි

හෙට (12) දිනයේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

 

එහිද කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

 

රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසයි.

 

එසේම දෙසැම්බර් 13 වනදා සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අසනීප නිවාඩු වාර්තා කිරීම එක්දිනකින් අවසන් නොකරන බවද එම වෘත්තීය සමිති එහිදී රජයට අනතුරු ඇඟවීය.

Related posts

පොලිස් ප්‍රධානියෙක්ට එරෙහිව, පොලිස් නිලධාරීන් පිරිසක් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානමින්..!

Editor O

ගම්පහ – කොළඹ බස් වර්ජනයක්

Editor O

විපක්ෂයේ පක්ෂ නායකයෝ විශේෂ සාකච්ඡාවක

Editor O

Leave a Comment